අමෙරිකාව කොරෝනා ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට

අමෙරිකාව කොරෝනා ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට ළඟා වෙයි

by Staff writer 31-03-2020 | 9:06 AM
COLOMBO (News 1st) : අමෙරිකාව, කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාවට ළඟා වී ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, අන් රටවලට සාපේක්ෂ්ව අමෙරිකාවේ මිලියනයක පමණ පුරවැසියන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට යොමු වී ඇති බවයි. මේ අතර වර්ධනය වෙමින් පවතින තත්ත්වය හමුවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් තුළ ඇඳන් දහසකින් සමන්විත රෝහලක් ස්ථාපනය කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ. ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 546 කි. ඒ අනුව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 3,148 ක් දක්වා ඉහළ ගියේ ය. ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163 479කි. ස්පාඤ්ඤයෙන් ගතවූ පැය 24 තුළ නව මරණ 913 ක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛාව 7000 ඉක්මවා ගියේ ය. ඉතාලියෙන් පසුගිය පැය 24 තුළ නව මරණ 812 ක් වාර්තා වූ අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 11,591 ලෙස සටහන් වන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 101739 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමකදීයී. ලොවපුරා මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 37,780 කි. ලොවපුරා රටවල් 200 කින් මේ වන විට ආසාදිතයින් 7 84,381 ක් වාර්තා වේ. මේ අතර ලොව පුරා සුවය ලැබූ ආසාදිතයින් පිරිස 165,035කි.