STF වැටලීම්වලින් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

STF වැටලීම්වලින් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 30-03-2020 | 10:08 AM
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් කිහිපදෙනක් සිය භාරයට ගෙන තිබේ. මන්නාරම පෙරියකරිසල් ප්‍රදේශයේදී හක්බෙල්ලන් 1150 ක් අනවසරයෙන් ළඟ තබා ගත් සැකකරුවෙකු එම හක්බෙල්ලන් තොගය ද සමග විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය මහඔය සමගිපුරදී ද  තවත් වැටලීමක් සිදු කර ඇතිඅතර එහිදී නීතිවිරෝධීව මත්පැන් සන්තකයේ තබා ගනිමින් ඇඳිරි නිතී සමයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තණමල්විල නැව්ආර ප්‍රදේශයේදී ද විශේෂ කාර්ය බලකාය ගංජා හේනක් වටලා ඇති අතර එහිදී අත්අඩංගුවට පත් සැකකරු තණමල්විල පොලීසියට භාර දී ඇත්තේ,ඉදිරි පරීක්ෂණ සඳහායි. කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ දී නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ මත්පැන් තොගයක් ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකා සෙබළුන් සමත්ව ඇත.