බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසල් වසා දැමේ

by Staff writer 30-03-2020 | 8:51 AM
COLOMBO (News 1st) : බදුල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණ ද, බණ්ඩාරවෙල නගරයේ තොග සහ සිල්ලර වෙළඳාම් අද සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව, බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව පවසයි. බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක ඊයේ පැවසුවේ, ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු නගරයට එක්රොක් වන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා මෙම තීන්දුව ගත් බවයි. කෙසේ වෙතත් බණ්ඩාරවෙල අවට ප්‍රදේශවල වෙළඳසල් විවෘතව පවතිනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/152381316056747/