පළාත් කිහිපයකට වැසි ඇතිබව බවට අනාවැකි

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි.... කාලගුණෙන් අනාවැකි

by Staff writer 30-03-2020 | 10:28 AM
COLOMBO (News 1st) : සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇති. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීඳුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.