කොරෝනා වෛරසය ස්ථිර වශයෙන්ම ලෝකය වෙනස් කරාවි

කොරෝනා වෛරසය ස්ථිර වශයෙන්ම ලෝකය වෙනස් කරාවි.. ඒ මෙන්න මෙහෙමයි.

by Staff writer 30-03-2020 | 1:08 PM
COLOMBO (News 1st) : මේ විපතේ පරිමානය අනුව ඊට හැකියාව තිබෙනවා, ලෝකය වඩාත් යහපත් දිසාවට හෝ ඉතාම අයහපත් දිසාවට විශ්මය ජනක ලෙස වෙනස් කිරීමට. මේ තමයි ලොව ප්‍රමුඛ චින්තකයින් කීපදෙනෙකුගේ පුරෝකථනයන්......

නව ආරක ජාතික අනුරාගයක්....

(සැමෑෂින්ද ලිකර් මැෂින් - අ ග්ලෝබල් හිස්ට්‍රි ඔෆ් පොහිබිෂන්හි කර්තෘ සහ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන මාක් ලෝරන්ස් ස්චාර්ඩ්) අමෙරිකාවේ ජාතික අනුරාගය එරට හමුදාවත් සමග දිගු කාලිනව බැඳී පවතින්නක්. නමුත් ඔවුනට බැහැ වෛරසයක් වෙඩි තබා විනාශ කිරීමට. කොරෝනා වෛරසයට එරෙහි ඉදිරි පෙළ සඳහා කුලීහේවායන් යොදා ගත නොහැක‍ියි. වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදින්, ගුරුවරුන්, සාත්තු සේවකයින්, ගබඩා ලිපිකරුවන්, සනීපාරක්ෂක සේවකයින්, කුඩා පරිමාන ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ සේවකයින් තමයි මෙහි ඉදිරි පෙළ. ලී වෙන් ලියෑන් සහ වුහාන්හි වෛද්‍යවරුන්ට වගේ කිසිදා අපේක්ෂා නොකළ පරිදි ආසාදිතයන් ඉහළ යාමේ අවදානම සහ මරණ සංඛ්‍යාව ඉහළයාම හමුවේ නිර්මාණය වන ඇදහිය නොහැකි මෙන්ම දරාගත නොහැකි අභියොගයකට බොහෝ දෙනෙකුට මුහුන දෙන්නට සිදු වෙනවා. හැම කෙනෙක්ම වගේ ඔවුන්ගේ කැපවීම අගය කිරිමෙන් නොනැවතී අපි අපේ වෛද්‍යවරුන් සහ හෙදියනට ඔවුනගේ සැබෑ ජාත්‍යාලය වෙනුවෙන් සිරස නමා ආචාර කළ යුතුයි. අපි දැන් අපේ යුද විරුවන්ට බුහුමන් දක්වන ආකාරයෙන්ම ඔවුන්ගේ සේවයට කෘතඥතාවය පළ කළ යුතුයි.- ඔබේ සේවයට ස්තුතියි කියා - අප වෙනුවෙන් සිය සෞඛ්‍ය සම්පන්න බව සහ ජීවිතයම කැප කළ මේ අලුත් පන්තියයේ මිනිසුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කළ යුතුයි. එසේම ඔවුනට විවිධ ප්‍රතිලාභ ලබා දිය යුතුයි. ස්මාරක තැනිය යුතුයි. ඒ වගේම නිවාඩු ලබා දිය යුතුයි. ඉන් නොනැවතී අපි අපේ ප්‍රජාවේ කිසිවෙකු ඉවත දමනු වෙනුවට සියල්ලන්ගේම ජිවිත සහ සෞඛ්‍ය වගා කිරීම උදෙසා ජාත්‍යානුරාගය අවබෝධ කරගත යුතුයි.

විබේදනයන් අවම කර ගැනීම...

(කොලොම්බියා සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් ටී. කොලෙයිමාන්- 2021 වසරේ එළිදැක්වීමට නියමිත ඔහුගේ මීළඟ කෘතිය ද වේ අවුට් හවු ටු ඕවර් කමි ටොක්සික් පෝලරයිසේෂන්) දේශපාලනික සහ සංස්කෘතිකමය බෙදීම් ඉහළ නංවන ආකාරයෙන් අමෙරිකානුවන් වසර 50 කට වැඩි කාලයක් සිරවී සිටින ක්‍රමවේදයෙන් අමෙරිකාව මුදවා ගැනිම සඳහා කොරෝනා ව්‍යාප්තියතුළින් අපට හද සසල කරවන ආකාරයේ විබවයක් සපයා තිබෙනවා. මෙය අපට උතුම් ජාතික ඒකාබද්දතාවක් සහ ක්‍රියාකාරිත්වයකට මඟ පාදනු ඇති. මෙය අදහසක් පමනක් වෙන්න පුළුවන්. ඒත් ඒක සිදු විය හැක්කක් වීමට ප්‍රධාන හේතු දෙකක් ගෙනහැර දැක්විය හැකියි. මෙය සාමූහික අභ්‍යන්තර සතුරකුට මුහුණදීමේ අතීත වෙනස්කම් දෙස හැරිබැලීමේ -පොදු සතුරා- ක්‍රියාදාමයක්. කොවිඩ් - 19 අපට අගන හැර පාන්නේ එය කිසිවෙකුට හෝ වැඩි සැලකිල්ලක් නොදක් වන එනම් උස් මිටි බේදයක් නෙැමැති භයානක හතුරුකු බව. එය අපටම උදව් කර ගැනීම සඳහා යළි සංවිදනගතවිමේ ශක්තියක් සපයන්නක්. මෙය දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ නාසි හමුදා අඛන්ඩව දින 56 ක් බ්‍රිතාන්‍යට බෝම්බ හෙළූ අවස්ථාවේ අගමැති වින්සටන්ට් චර්චිල්ගේ කැබිනෙට්ටුවේ ක්‍රියා කරීත්වය වගේ වීමට. දෙවන හේතුව තමයි දේශපාලනික කම්පන තරංග සංසිද්ධිය. අධය්‍යයනයන් පෙන්නුම් කරනව ඇතැම් දැවැන්ත කම්පන තුළින් ඇති වන අසමතුලිතතාවය ප්‍රබල සහ කල් පවත්නා සබඳතා විධි වෙනස් කිරීමට මඟ පාදන බව. මෙය මේ වෙලාවෙ නොවිය යුත්තක්. ඒත් 1816 සිට1992 දක්වා ලොවු පුරා සිදුවූ අභ්‍යන්තර අරගල 850 ක් අධ්‍යයනයේදී තහවුරු වෙලා තියෙනව ඉන්  75% ක්ම අවසන් වුනේ වසර 10 ක පමණ අසමතුලිතතාවයකින් බව. සමාජ බලපෑම විවිධ අයුරින් පිටවිය හැකියි. තත්ත්වයන්ගේ යහපත් දිසාවට හෝ අයහපත් දිසාවට. නමුත් වත්මන් අසහනකාරී තත්ත්වය, මේ ක්‍රියාදාමය යෝජනා කරනව අපිට ඵලදායී සංස්කෘතික සහ දේශපාලනික කථිකාවතකට. වෙනසකට වෙලාව පැහැදිලිවම එළඹිලා.

වැදගත් විශේෂඥයින් වෙත යොමුවීම....

(මහාචාර්ය ටොම් නිකලස් -ද ඩේත් ඔෆ් එක්ස්පර්ටීස් කෘතියේ කර්තෘ) වසර ගණනාවක සිට අමෙරිකාව මූලධර්ම එතරම් ගණන් නොගන්නා රටක්. සාමය, සම්පත් වගේම උසස් තත්ත්වයේ තාක්ෂණික පරිභෝජනයන් තුළින් හිමිවූ සුඛෝපභෝගිත්වයතුළින් තමයි මෙය නිර්මාණය වුණේ, අපට ඕන වුණේ නැහැ කලින් වගේ අවධානය යොමුකරන්න න්‍යෂ්ටික යුද්ධ, ඉන්ධන හිඟයන්, ඉහළ රැකියා වියුක්තිය,පොලී අනුපාතිකයන් ඉහළයාම වගේ දේ ගැන. අප සොල්දාදුවන් ඈත කාන්තාර ප්‍රදේශ වෙත යවා සිටියදී ත්‍රස්තවාදය ජාතික ආරක්ෂාවට තර්ජනයක්. නිලධාරින්ට සහ විශේෂඥයිනට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කරමින් අපි රියැලිටි ටීටී තරුවක් ජනාධිපති කිරීම තුළින් රජයේ බොහෝ කටයුතු දෛනික පදනමින් සිදුවන මට්ටමකට පත්වෙලා. කොවිඩ් - 19 අර්බුදය මෙය දෙයාකරයකින් වෙනස් කරවි. පළමුවැන්න තමයි එතුළින් ජනතාවට දැනටමත් බලකරනව විශේෂඥ පිළිවෙත් භාරගන්නා ලෙසට. ගෝලීය වසංගතය පැමිණෙන තුරු විශේෂඥයින් දෙස නින්දා සහගතව බැලීම පහසු වුනත් ඊට පසුව ජනතාවට අවශ්‍ය වුනා ඇනිතනි ෆව්සි වගේ වෛද්‍ය වෘත්තිකයිනට සවන්දීමට. දෙවනුව මෙය ඇමෙරිකාව සැලකිලිමත් වන තැනකට යළි යොමුකරවීමට මග පාදන්න පුළුවන් නැතිනම් රජය කරවීම සැලකිලිමත් මිනිසුන්ගේ කටයුත්තක්ය යන සිතුවිල්ලට. ට්‍රම්ප් පරිපාලනයේ දැවැන්ත දුර්වලතා හේතුවෙන් අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සහ ගෝලීය වසංගතය හමුවේ ඇද වැටෙන අමෙරිකානු ආර්ථික ජනතාව කම්පාවට පත්කරමින් රජයට බලකරාවි හැඟීම්බර දේට වඩා වැඩි යමක්.

Politico සඟරාව ඇසුරින් 

 උදය වන්නිආරච්චි  සැකසූ වාර්තාවකි