by Staff writer 30-03-2020 | 10:04 AM
COLOMBO (News 1st ) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ යනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, පුද්ගලයින් 11 දෙනෙකු සුවය ලබා ඇති බවයි.
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල ඇතැම් ගම්මාන වසා දමා ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි, පොලීසීය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන රෙගුලාසිවලට අවනත වෙමින් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.