COLOMBO (News 1st): කොරෝනා වෛරසය ආසාදිත ශ්‍රී ලංකාවේ දෙවැනි මරණය මීට සුළු මොහොතකට පෙර මීගමුව රෝහලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුවන ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෞද්ගලික රෝහලක සිට මීගමුව රෝහලට අද දින එම රෝගියා මාරුකර එවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්විය.
නිවේදනයේ සඳහන් වූයේ එම රෝගියා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ද අද දිනයේදීම බව ය.
එසේම ඔහු හෘදයාබාධයකින් පෙළි ඇති බවත් දීර්ඝකාලීන ස්වසන ආබාධයකින් පෙළුණු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව අද රාත්‍රීයේම සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ පළමු මරණය පෙරේදා වාර්තා විය.
ඔහු 60හැවිරිදි මාරවිල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.
