කොටස් වෙළෙඳපොළ අදත් වැසෙයි

කොටස් වෙළෙඳපොළ අදත් වැසෙයි

by Staff writer 30-03-2020 | 7:27 AM
COLOMBO (News 1st) : කොළඹ කොටස් වෙළෙඳපොළ 6 වන දිනටත් අද වසා දමා තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වරට සිදු කෙරුණේ, පසුගිය සිකුරාදා දිනයේයි. එහෙත්, ආයෝජකයින් නොපැමිණීම හේතුවෙන්, අතරමගදී එය වසා දැමීමට සිදුවිය. මේ අතර සැලසුම් කළ පරිදි හෙට කොළඹ තේ වෙන්දේසිය පැවැත්වෙන බව ලංකා තේ මණ්ඩලය සඳහන් කළේ ය. සාමාන්‍යයෙන් සතියට දින දෙකක් කොළඹ තේ වෙන්දේසිය පැවැත්වේ. එහෙත් පවතින වාතාවරණයත් සමඟ පසුගිය සතියේ කොළඹ තේ වෙන්දේසිය පැවැත්වීමට හැකිවූයේ දිනක් පමණි.