කළුබෝවිල රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වැසේ: කාර්යය මණ්ඩලය නිරෝධායනයට

by Chathuranga Rajapaksha 30-03-2020 | 9:17 PM

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පවසයි.

ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.