ඖෂධහල් අසළ දිගු පෝලිම්

ඖෂධහල් අසළ දිගු පෝලිම්: අනුරාධපුර ඔසුසැල අසල උණුසුම් තත්ත්වයක්

by Staff writer 30-03-2020 | 1:13 PM
 

COLOMBO (News 1st):  පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග බොහෝ පළාත්වල ඖෂධහල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණි.

අප වාර්තාකරුවන් පැවසුවේ අද පෙරවරු 6.00ට පොලිස් ඇඳිරි නිතිය ඉවත් කෙරුණු අතර, පෞද්ගලික ඔසුසැල් රැසක් විවෘත කර තිබූ බවය. නමුත් ඇතැම් ප්‍රදේශවල රජයේ ඔසුසැල් විවෘත කිරීම ප්‍රමාදවීමත් සමග ජනතාව දැඩි අපහසුතාවකට පත්විය. අනුරාධපුර, රාජ්‍ය ඔසුසල අද පෙරවරු 8.00වන විටත් විවෘත කර නොතිබුණි. උදෑසන සිට එහි පැමිණ සිටි ජනතාව මේ නිසා දුෂ්කරතාවකට මුහුණ දුන්නේය. "උදේ හයේ ඉඳලා ඉන්නේ. තාම වීවෘත කරලා නැහැ" තත්ත්වය උණුසුම් වීමත් සමග‍ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් එහි පැමිණ, ඔසුසල තුළ සිටි නිලධාරීන් කැඳවා එය වීවෘත කිරීමට පියවර ගැනිණි. මේ අතර පොළොන්නරුවේ රාජ්‍ය ඔසුසලට පැමිනි සියලු දෙනාගේ ඖෂධ වට්ටෝරු එක්රැස් කර ඔවුන් පිටත් කර හැරියේය. එහි කළමනාකාරවරිය පැවසුවේ රෝගීන්ගේ නිවෙස්වලට ඖෂධ යැවීමට කිරීමට කටයුතු කරන බවය. බෙදා හැරීම සඳහා බොහෝ රෝහල්වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ඖෂධ ලැබී ඇති බව තැපල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය. ඒවා අද දිනය තුළ බෙදාහරින බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/256902395470483/