ඔස්ට්‍රේලියාව:එක්තැනක රැස්විය හැකි ගණන 2කට පමණයි

ඔස්ට්‍රේලියාවේ එක් ස්ථානයකට රැස්විය හැකි පුද්ගලයින් ගණන දෙදෙනෙකුට සීමා කෙරේ

by Staff writer 30-03-2020 | 11:12 AM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය හමුවේ එක් ස්ථානයකට රැස්විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකු දක්වා සීමා කිරීමට ඔස්ට්‍රෙලියානු රජය පියවර ගෙන තිබේ.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අඩාල කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවය ඇති කිරිමේ වැඩපිලිවෙළ යටතේය. විවාහ මංගල්‍යක් සඳහා සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 5ක් දක්වා සිමා කළ යුතු බව මීට සතියකට පෙර ඕස්ට්‍රෙලියාව නිවේදනය කළේය. මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 4,163 ක් වාර්තා වන අතර මිය ගිය පුද්ගලයින් ගණන 17කි.