ඇඳිරි නීතිය ගැන තීරණ ගන්නේ රජයේ ඉහළ මට්ටමින් පමණයි

ඇඳිරි නීතිය පැනවීම සහ හුදකලා කරන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් පමණයි

by Staff writer 30-03-2020 | 10:40 AM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය පැනවීම, ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා කරන ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් පමණක් බව රජය නිවේදනය කර සිටී. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් සිටින්නේ, ජන ජීවිතය අපහසුතාවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බවයි.