ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 809ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 809ක් අත්අඩංගුවට

by Staff writer 30-03-2020 | 9:09 AM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 809 දෙනෙකු අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 166 ක් සිය භාරයට ගෙන ඇති බවයි. පසුගිය 20 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6850කි. එම කාල සීමාව තුළ වාහන 1643 ක් පොලිස් භාරයට ගෙන තිබිණ.