by Staff writer 30-03-2020 | 9:28 AM
COLOMBO (News 1st) : ශීඝ්‍රයෙන් පැතිර යන කොරොනා වෛරසය හමුවේ රට තුළ ක්‍රියාත්මක සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය තවත් මසකින් දිර්ඝ කිරිමට ඇමරිකානු ජනපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව ඇමරිකාවේ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය අප්‍රෙල් මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට නැවත සිය රටට යථා තත්ත්වයට පත්විය හැකි බවයි.
ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛාව 140,000 ඉක්මවා ඇති පසුබිමක ජනපති ඩොනල් ට්‍රම්ප් මේ බව සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටින් මේ වන විට කොරෝනා මරණ 2,493ක් වාර්තා වන බවයි.
වෛරසය අසාදනය වීමෙන් චිකාගෝහි සිදුවු පළමු ළදරු මරණය ද ඊට ඇතුළත් ය.
ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් තවත් කොරොනා මරණ 756 ක් වාර්තාවීමත් සමග සමත්ත මරණ සංඛ්‍යාව 10, 779 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉතාලියෙන් මේ වන විට ආසාදිතයින් 97 689ක් වාර්තා වන බවයි.
ගතවු පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් කොරොනා මරණ 821 ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 81110 දක්වා ඉහළ ගියේ ය.
බිතාන්‍යයෙන් ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 209 ක් වාර්තා විය.
එරට මාධ්‍ය වාර්තා කළේ, ආසාදිතයින් සංඛාව 19522ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා විම හමුවේ මිය ගිය පිරිස 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛාව දහස ඉක්මවා ගොස් ඇති අතර එම අගය සටහන් වන්නේ 1024ක් ලෙසයි.
මේ අතර ආසාදිතයින් 9 ක් සටහන් වන සිරියාවෙන් කොරෝනා ආසාදිත පළමු මරණය ඊයේ රාත්‍රියේ වාර්තා විය.
මේ වන විට ලොව පුරා රටවල් 199 කට ව්‍යාප්ත වි ඇති කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 33,956කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව පුරා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා ගොස් ඇති බවයි.