සෙවනගල ​සීනි සමාගමෙන් විෂබීජ නාශක දියරයක්

සෙවනගල ​සීනි සමාගමෙන් විෂබීජ නාශක දියරයක්

by Staff writer 29-03-2020 | 9:48 PM

COLOMBO (News 1st): ලංකා සීනි සමාගමේ සෙවනගල ශාඛාව දෑත් පිරිසිදු කිරීම සඳහා එතනෝල් උපයෝගී කර ගනිමින් විෂබීජ නාශක දියරයක් නිෂ්පාදනය කර තිබේ.

මෙය නිපදවා ඇත්තේ කම්හල් සේවකයින් සඳහායි. ශ්‍රී ලංකාව තුළ විෂබීජහරණයට අවශ්‍ය කෙරෙන එතනෝල් නිෂ්පාදනය කර නිකුත් කෙරෙන්නේ ලංකා සීනි සමාගමෙනි. සෙවනගල හා පැල්වත්ත කම්හල් මූලික කරගනිමින් එම නිෂ්පාදන කටයුතු සිදු කෙරේ. සීනි නිෂ්පාදනයේ අතුරු නිපැයුමක් වන එතනෝල් යොදාගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත මාත්‍රාවන්ට අනුගතව මෙම විෂබීජ නාශක දියරය නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහතා "අත් පිරිසිදු කිරීම සඳහා යම් කිසි මේ එතනෝල් පාවිච්චි කරලා ද්‍රාවනයක් අපි නිෂ්පානය කරලා තියෙනවා අපේ ආයතනයේ සේවකයින් සඳහා පමණක්. අපි විශ්වාස කරනවා තව සති දෙකක් පමණ යන විට මේ කටයුතු වලින් අපේ රටේ ජනතාව නිදහස් කර ගන්න බොහෝ දුරට හැකි වෙයි කියලා. මේ විෂබීජහරණය කිරීමේ ක්‍රියාවලියට දිනපතාම දෛනිකව නිරන්තරයෙන්ම අපි යොමු වෙලා ඉන්නවා" ලංකා සීනි සමාගමේ සෙවනගල ශාඛාවේ රසායනාගාර නිලධාරී සුරංග දුලිප් මහතා "මේකට අපි සියට 96 යි දශම 3 එතනෝල් තමයි සෙවනගල ආයතනයේ අපි නිෂ්පානදය කරන්නේ, එම ඇල්කොහොල් ද්‍රාවනය, ග්ලිසරෝල් සියට 98 ග්ලිසරෝලුයි, සියට 3 හයිඩ්රිජන්පැරොක්සයිඩ් ඊට අමතරව ජලය ඔය මිග්‍රණය භාවිතා කරලා තමයි අපි මෙම හෑන්ඩ් සැනිටයිසර් එක නිෂ්පාදනය කළේ. මිලි ලීටර් 500 ක් වෙළෙඳ පොලෙන් ගන්නවනම් අපිට වියදම විදිහට රුපියල් 1800 කට එහා මුදලක් යනවා. අප ආයතනයේ මෙම මිලි ලීටර් 500 නිෂ්පාදනය සඳහා ගියේ රුපියල් 300 ත් 350 ක අතර මුදලක් පමණයි. නමුත් අපිට මේක වෙළෙඳපොළට අපිට ලබා දීමට නොහැකි වන්නේ අපිට පාරිභෝගික අධිකාරියෙන් අවසරයක් නොමැති නිසා" https://www.facebook.com/NewsfirstSL/videos/515928842430917/