සායනික රෝගීන්ට ඖෂධ සැපයීමට වැඩපිළිවෙළක්

සායනික රෝගීන්ට ඖෂධ සැපයීමට වැඩපිළිවෙළක්

by Staff writer 29-03-2020 | 2:02 PM
COLOMBO (News 1st) : රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තැපැල් සේවය සමග එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රෝගීන් සිය සායනික පොත සමග නිවැරදි ලිපිනය හා දුරකතන අංකය ලබා දී නොමැති නම්, අදාළ රෝහලට ඇමතුමක් ලබා දී අදාළ තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි. ඉන් පසු රෝහල් කාර්ය මණ්ඩලය අදාළ බෙහෙත් පැකට්ටුව සකස් කර තැපැල් නිලධාරියා මගින් එය නිවසටම ලැබෙන්නට සලස්වනු ඇති.