පුත්තලමේ ගමක් නිරෝධායනයට ලක් කෙරේ

පුත්තලමේ ගමක් නිරෝධායනයට ලක් කෙරේ

by Sagarika Chathumali 29-03-2020 | 8:43 AM
COLOMBO (News 1st) : පුත්තලමේ ගම්මානයක පුද්ගලයින් 100ක අධික පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. ඒ ඊයේ දිනයේ අදාළ ගම්මානයෙන් කෙරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම පිරිස නිරෝධායනය කිරීම සඳහා පුත්තලම ශහිරා විද්‍යාලයට යාබදව ඊයේ රාත්‍රීයේ සිට නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කරමින් පවතින බවයි.