පැය 6ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 206ක් දැලේ

පැය 6ක් තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 206ක් අත්අඩංගුවට

by Staff writer 29-03-2020 | 6:09 PM

COLOMBO (News 1st): පොලිස් ඇඳිරි නීති රෙගුලාසි කඩකළ පුද්ගලයින් 6247 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසීය පවසයි.

ඒ , පසුගිය 20 වැනිදා සිට අද දහවල් 12 දක්වා කාලය තුළයි. අදාළ කාලසීමාව තුළ පොලීසීය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1,533කි. පොලිස් ඇඳිරි නිතිය උල්ලංඝණය කිරිම සම්බන්ධනයෙන් අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාල සීමාව තුළ වාහන 56 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ.