පළාත් කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණයක්

පළාත් කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණයක්

by Staff writer 29-03-2020 | 6:36 AM
COLOMBO (News 1st) : වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මන්නාරම, වව්නියාව, අනුරාධපුරය, ගාල්ල, මාතර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට ද අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි. කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසයි.