දිනක් තුළ කොරෝනා ගොදුරු කර ගත් මිනිස් ජීවිත

දිනක් තුළ කොරෝනා ගොදුරු කර ගත් මිනිස් ජීවිත

by Sagarika Chathumali 29-03-2020 | 12:03 PM
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛාව 30,000 ඉක්මවා තිබේ. ඒ අනුව අද (29) දහවල් වනවිට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස දැක්වුණේ, 30,888ක් ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ආසාදිතයින් සංඛ්‍යාව 664,192ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 142,364කි. ඊයේ දිනයේත් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වූ මරණ 889 ඉතාලියෙන් වාර්තා වන අතර එරටින් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 5974කි. ස්පාඤ්ඤය ද කොරෝනා වෛරසයට ගොදුරු වෙමින් පවතින අතර ඊයේ දිනය තුළ පමණක් එරටින් නව කොරෝනා ආසාදිතයින් 6529 ක්  වාර්තා වන අතර ආසාදිතයින් අතරින් 674ක් ජීවිත්ක්ෂයට පත්වූහ. ඊයේ දිනය අවසන් වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ. ඒ අනුව එරටින් වාර්තාවී ඇති ආසාදිතයින් සාඛ්‍යාව 12,322 ක් වන අතර  සිදුව ඇති  මරණ සංඛ්‍යාව 247කි. ජර්මනියෙන් අලුත් ආසාදිතයින් 5331 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇත්තේ, මරණ 52ක් වාර්තාවන පසුබිමකදීයි. ප්‍රංශයෙන් සහ ඉරානයෙන්  ඊයේ දිනයේ පිළිවෙළින් නව ආසාදිතයින් 4611 ක් සහ 3076ක් වාර්තා වී තිබේ. ප්‍රංශයෙන් ආසාදිතයින් 319 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉරානයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 139කි. එක්සත් ජනපදයෙන් ඊයේ දිනය තුළදී පමණක් කොරෝනා ආසාදිතයින් 260ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොරෝනා ආසාදිතයින් 2546ක් වාර්තා වී තිබේ. නෙදර්ලන්තයෙන් ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 1159ක් වාර්තා වී ඇති අතර ජීවිත අහිමි වී ඇති පිරිස 93කි.