ගුවන් යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කෙරේ

ගුවන් තොටුපළට යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කෙරේ

by Staff writer 29-03-2020 | 9:14 AM
COLOMBO (News 1st) : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ඇතුළුවීමට පැනවූ තහනම දීර්ඝ කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින්  අප්‍රේල් 7 වනදා දක්වා එම තහනම දීර්ඝ කළ බවයි. මීට පෙර එම තහනම පනවා තිබුණේ, ලබන 31 වන දා දක්වායි. මේ අතර විදේශීය සංචාරකයින් 15000 ක් පමණ තවදුරටත් මෙරට රැදී සිටින බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, ඔවුන් සිය රටවලට පිටත් කර යැවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.