කොරෝනා වැළඳුණු තවත් පුද්ගලයෙකු සුවය ලබයි

කොරෝනා වැළඳුණු තවත් පුද්ගලයෙකු සුවය ලබයි

by Chathuranga Rajapaksha 29-03-2020 | 2:25 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරසය වැළඳීමෙන් සුවය ලැබු තවත් පුද්ගලයෙකු රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ පුද්ගලයින් ගණන 10කි. කොරෝනා වෛරස ආසාදිතයින් 115 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් රෝගීන් 104 දෙනකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් 94ක් ජාතික බෝවන රෝග විද්‍යාතනයේත් (IDH), 9 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලෙත්, එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී. කොරෝනා වැළඳීමෙන් එක් පුද්ගලයෙකු ඊයේ මිය ගියේය. ඔහු 60 හැවිරිදි වියේ පසු වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.