කොරෝනා වැළඳී මියගිය පුද්ගලයා අවසන් ගමන් යයි

කොරෝනා වැළඳී මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ

by Staff writer 29-03-2020 | 2:02 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.  60 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකු වන ඔහු ඊයේ රාත්‍රී ජීවිතයෙන් සමුගත්තේ, අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහය පිළිබඳ අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලීසියේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණ. මෘත දේහය IDH රෝහලේ සිට අවමංගල්‍යය රථයකින් කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවේ ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මෘත දේහය බැලීමට එක් ඥාතියෙකුට පමණක් අවස්ථාව හිමිවූ බවයි. ආදාහනයෙන් පසූ අවමංගල්‍ය රථය විෂබීජහරණයට ලක් කෙරිණ. https://youtu.be/UpK94n6h75k