Covid-19: තවත් පුද්ගලයෙකුට සුව වෙයි

කොරෝනා වැළඳීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 11ක් වෙයි

by Chathuranga Rajapaksha 29-03-2020 | 7:59 PM

COLOMBO (News 1st): කොරෝනා වැළඳීමෙන් සුවය ලැබු තවත් පුද්ගලයෙකු රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 11ක් බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේය. කොරෝනා වෛරස ආසාදිතයින් 115 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබේ.