by Chathuranga Rajapaksha 29-03-2020 | 4:43 PM
COLOMBO (News 1st): කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා 'ඇවිගන්' නැමැති ඖෂධයේ පෙති 5000ක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග කර තිබේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ , එම ඖෂධ තොගය ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බවය.
මේ අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ද අද ආරම්භ විය.
මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා උපකරණ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී තිබේ.
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, අදාළ උපකරණ බෙදාදීම කඩිනමින් ආරම්භ කරන බවන.