කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළට

by Staff writer 29-03-2020 | 7:46 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 105කි. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකු ඊයේ පස්වරුවේ මිය ගියේ ය. සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් ඊයේ පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9 කි. සැකසහිත රෝගීන් 199 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිති.