ඉන්දියාවේ සිට පැමිණියේ නම්, නිරෝධායනයට යොමු වන්න

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින්ට නිරෝධායනයට යොමු වන්නැයි රජය දැනුම් දෙයි

by Staff writer 29-03-2020 | 6:53 AM
COLOMBO (News 1st) : මාර්තු 10 වැනිදායින් පසු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි, රජය දැනුම් දී සිටී. කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙන්නේ, චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් පමණක් නොව ඉන්දියාවේ කිනම් ප්‍රදේශයක හෝ සිට පැමිණි පුද්ගලයින් වේ නම්, ඔවුන් සියලු දෙනා නිවෙස්වල සිට දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි.