ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස

ඇප දිය හැකි රැඳවියන් 1460කට නිදහස

by Staff writer 29-03-2020 | 8:05 AM
COLOMBO (News 1st) : ඇප ලබා දිය හැකි රැඳවියන් 1460 දෙනෙකු පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ , ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි. ඒ අනුව අදාළ රැඳවියන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම, එහි අරමුණයි. ඒ අනූව ලබන 3 වැනිදාට පෙර අනුමැතිය හිමිවූ ඇප ලබා දිය හැකි සියලු රැඳවියන් නිදහස් කරන බව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.