ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 856 ක් අත්අඩංගුවට

by Staff writer 29-03-2020 | 10:07 AM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම කාලසීමාව තුළ වාහන 184 ක් සිය භාරයට ගෙන ඇති බවයි. පසුගිය 20 වන දා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6041කි. එම කාල සීමාව තුළ වාහන 1477 ක් පොලිස් භාරයට ගෙන තිබිණ.