අකුරණ නගරය නිරෝධායනයට ලක් කෙරේ

අකුරණ නගරය නිරෝධායනයට ලක් කෙරේ

by Staff writer 29-03-2020 | 8:30 AM
COLOMBO (News 1st) : මහනුවර, අකුරණ නගරය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ. ඒ, අකුරණ නගරයේ පුද්ගලයෙකුට කොරෝනා ආසදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ,  එම ආසාදිතයා හමුවූවීමෙන් පසු අකුරණ නගරය එලෙස නිරෝධායනයකට ලක් කරමින් පවතින බවයි. ඒ අනුව කිසිදු පුද්ගලයෙකුට අකුරණ ගම්මානයට ඇතුළු වීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වනු ඇති.