by Chathuranga Rajapaksha 28-03-2020 | 8:59 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 113ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වැළඳීමෙන් සිදු වූ මෙරට පළමු මරණය ද මීට ටික වේලාවකට පෙර වාර්තා විය.
ඔහු මාරවිල පදිංචි, 60 හැවිරිදි පුද්ගලයෙකි.
කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු ද සුවය ලබා පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන 199කි.