Update: කොරෝනා ආසාදිතයින් ගණන 110ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 110ක් දක්වා ඉහළට

by Staff writer 28-03-2020 | 4:25 PM

Update/ 28.03.2020 (4.25PM) -  කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 110කි.   COLOMBO (News 1st) / 28.03.2020 (2.50PM): මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු  වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109 කි. ඉන්, ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ වන විට කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 199ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.