Update: තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගනී

Update: තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගනී

Update: තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

28 Mar, 2020 | 8:59 pm

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 113ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වැළඳීමෙන් සිදු වූ මෙරට පළමු මරණය ද මීට ටික වේලාවකට පෙර වාර්තා විය.

ඔහු මාරවිල පදිංචි, 60 හැවිරිදි පුද්ගලයෙකි.

කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු ද සුවය ලබා පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන 199කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]