IDHරෝහල:ගුවන් හමුදාවෙන් දින 10ක් තුළ ගොඩනැගිලි 2ක්

IDH රෝහලට ගුවන් හමුදාවෙන් දින 10ක් තුළ ගොඩනැගිලි 2ක්

by Staff writer 28-03-2020 | 6:20 PM

COLOMBO (News 1st): කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) නේවාසික රෝගීන් වෙනුවෙන්, ප්‍රතිකාර කටයුතු පුළුල් කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිකළ ගොඩනැගි දෙක භාර දීම අද සිදුකළේය.

මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ දින 14කින් ය. නමුත් දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට හැකිවීම විශේෂත්වයකි. කාමර 16 කින් යුතුව ඉදිකළ මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීමට පූර්ණ ලෙස ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදාව