by Staff writer 28-03-2020 | 6:49 PM
COLOMBO (News 1st): අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට Covid-19 වෛරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලයන 1.3 ප්‍රදානයක් සිදුකර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම, ක්‍රියාකාරී ආසාදිතයින් හඳුනා ගැනීම, හඳුනාගත් පුද්ගලයින් නිරීක්ෂණය කිරීම, තාක්ෂණික නිලධාරීන්ගේ සහය ලබා ගැනීම වැනි කටයුතු සදහා එම මුදල් ප්‍රදානය සිදුකළ බව ය.