සබරගමුව, කළුතර, ගාල්ල හා මාතරට හෙට පස්වරුවේ වැසි

සබරගමුව, කළුතර, ගාල්ල සහ මාතරට හෙට පස්වරුවේ වැසි ඇති විය හැකියි

by Staff writer 28-03-2020 | 5:50 PM

COLOMBO (News 1st): කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද පස්වරු 4.00ට නිකුත් කළ නිවේදනයට අනුව සබරගමුව, කළුතර, ගාල්ල හා මාතර ස්ථාන ස්වල්පයක, ඉදිරි පැය 36 සැළකිල්ලට ගැනීමේදී හෙට පස්වරුවේ වැසි ඇති විය හැකි බව පවසයි.

සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තුවන අතර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මගින් ඇතිවන අනතුරු අවම කරගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.