වෙන්ටිලේටර් නිෂ්පාදනය කරන්න-ට්‍රම්ප්ගෙන් නියෝගයක්

වෙන්ටිලේටර් නිෂ්පාදනය කරන්නැයි මෝටර් රථ නිප්ෂාදන සමාගමකට ට්‍රම්ප්ගෙන් නියෝගයක් 

by Staff writer 28-03-2020 | 1:12 PM

COLOMBO (News 1st): කෝරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වෙන්ටිලේටර් උපකරණ නිෂ්පාදනය කරන්නැයි අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ මෝටර් රථ නිප්ෂාදන සමාගමකට ජනපති ඩොනල් ට්‍රම්ප් නියෝග කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, ජාතික ආරක්ෂාව තර කිරිම සඳහා අමෙරිකානු ජනපති වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව එම නියෝගය නිකුත් කර ඇති බවය.
මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 104,205ක් සහ මරණ 1,701ක් වාර්තා වේ.