ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 6 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 6 ඉක්මවයි

by Staff writer 28-03-2020 | 5:39 PM
COLOMBO (News 1st): ලොව පුරා නව කොරෝනා නැත‍හොත් Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන් 28000 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, අමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86000 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් 9100 ක් මියගොස් ඇත. මියගිය පිරිස සළකා බැලීමේදී ස්පාඥ්ඥයෙන් මරණ 5700ක් වාර්තා වන අතර, එය රෝගය ව්‍යාප්ත වූ රටවල් අතරන් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවයි. Covid-19 වෛරසය ව්‍යාප්ත වූ චීනය පසුගිය දා රෝගය පාලනය කළ බව ප්‍රකාශයට පත් කළ අතර, පසුගිය පැය 24 තුළ වාර්තා වන්නේ මරණ 8 ක් පමණි. චීනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81394 ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3295 ක් ලෙසය.