මාර්ග බාධක රාජකාරියට අද සිට ත්‍රිවිද හමුදාව ත්

මාර්ග බාධක රාජකාරියට අද සිට ත්‍රිවිද හමුදාව ත්

by Staff writer 28-03-2020 | 7:30 AM
COLOMBO (News1st) : මාර්ග බාධක රාජකාරි සඳහා අද සිට හමුදා සාමාජිකයින් ද, අනියුක්ත කරන බව, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, අද දින සිට පොලීසියට සහය වීම සඳහා ත්‍රිවිද හමුදාව ද යෙදවීමට තීරණය කළ  බවයි. එමෙන් ම ඇඳිරි නීති සමයේ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය  උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. තවද යුද හමුදාපතිවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේ‍ ස්වයං විනයක් ඇතිව කටයුතු කරන ලෙසයි.