මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට

මොරොන්තුඩුවේදී මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට

by Staff writer 28-03-2020 | 8:25 AM
COLOMBO (News 1st) : ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ සැකකරුවන් 11 දෙනෙකු මොරොන්තුඩුව, මග්ගොනදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කළුතර දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. සැකකරුවන් සන්තකයේ තිබි හොරොයින් ග්‍රෑම් 2 අධික ප්‍රමාණයක්, කේරළ ගංජා ග්‍රෑම් 26 ක් හා මත්පෙති 72 ක් පොලීසිය භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 17 ත් 52 අතර වයස්වල පසුවන මොරෙන්තුඩුව සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. පොලීසිය පැවසුවේ, සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/538612166859235/