ඇඳිරි නීතිය කඩ කළ තවත් 1167ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 ඇඳිරි නීතිය කඩ කළ 1167ක් අත්අඩංගුවට

by Staff writer 28-03-2020 | 9:06 AM
COLOMBO (News 1st) : පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අදාළ කාල සීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260කි. පසුගිය 20 වනදා සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 5185 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 1293කි.