by Staff writer 28-03-2020 | 6:38 AM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 106 ක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ වන විට ඔවුන්ගෙන් 7 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අනුව මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 99 කි.
කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 237 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඔවුන් ප්‍රතිකාර ලබන්නේ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ, වැලිකන්ද මූලික රෝහලේ සහ මුල්ලේරියාව මූලික රෝහලේයි.
සෞඛ්‍යය අමාත්‍යාංශය පැවසුවේ, පෙරේදා පස්වරුවේ සිට ඊයේ පස්වරු 4.45 වනතුරු කිසිදු ආසාධිතයෙකු වාර්තා නොවූ බවයි.
මේ අනුව පසුගිය දින කිහිපය තුළ ආසාදිතයින්ගේ පැහැදිලි අඩුවක් දැකිය හැකියි.