by Chathuranga Rajapaksha 28-03-2020 | 10:05 PM
COLOMBO (News 1st): කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
කුරුණෑගල, උහුමිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.