කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

කාලගුණය උණුසුම්: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

by Staff writer 28-03-2020 | 5:30 PM

COLOMBO (News 1st):  වයඹ, සබරගමුව, බස්නාහිර පළාත් හා මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ගාල්ල, මාතර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය නැතහොත් මිනිස් සිරුරට දැනෙන උණුසුම  'වැඩි අවධානයක්' යොමු කළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

මෙය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගණනය කර නිවේදනය කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. එම දර්ශකය අනුව මහජනතාව වෙත අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මාලාවක් ද දක්වා ඇත. ක්‍රියාකළ යුතු ආකාරය 1. වැඩ බිම් තුළ - ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුවේ. සෙවණ ඇති ස්ථානයක හැකි පමණ විවේක ගන්න. 2. නිවෙස් තුළ - වැඩිහිටි හා රෝගී පුද්ගලයන් ගැන වැඩි අවධානය යොමුකරන්න. 3. වාහන තුළ - කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොතබන්න. 4. එළිමහනේදී - අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. 5. ඇඳුම් - සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.