by Staff writer 28-03-2020 | 7:52 AM
COLOMBO (News 1st) : රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබන සඳුදා සිට තැපැල් සේවකයින් මගින් බොහැරීමට සැලසුම් කර තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් ඇති බවයි.
මේ අතර පෞද්ගලික ඖෂධ අලෙවිසල් මගින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ඇනවුම් කර අදාළ ඖෂධ අලෙවිසල සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් ඒ බව ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම අවස්ථාවල පොලීසිය මැදිහත්ව එම කටයුතු සම්බන්ධීකරණය කරන බව ද එම නිවේදනයේ සඳහන් ය.