අහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර දෙන්නැයි,දැනුම්දීමක්

එළවළු, පළතුරු ප්‍රවාහනයට අවසර දෙන්නැයි, අගමැති පොලිස්පතිට දන්වයි

by Staff writer 28-03-2020 | 1:46 PM
COLOMBO (News 1st) : එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. ඒ පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ විධිමත්ව පවත්වාගෙන යාම සඳහායි. මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා වන බවට තොරතුරු ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව එවැනි අවහිරතා වළක්වමින් අදාළ වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ ය.