by Staff writer 28-03-2020 | 10:00 AM
COLOMBO (News 1st) : නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පුද්ගලයින් 305 දෙනෙකු අද පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ අතරින් පුද්ගලයින් 167 දෙනෙකු වව්නියාව පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බවයි.
ඊට අමතරව පූනානි මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 78 දෙනෙකු නිවෙස් බලා පිටත්කර යවා තිබේ.
ගල්කන්ද නිරෝධායනය මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 60 කි.
https://www.facebook.com/NewsfirstSL/videos/937192713363789/