ගෙවුණු පැය 24 ඇඳිරි නීතිය කඩ කළ 1167ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 ඇඳිරි නීතිය කඩ කළ 1167ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 ඇඳිරි නීතිය කඩ කළ 1167ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

28 Mar, 2020 | 9:06 am

COLOMBO (News 1st) : පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අදාළ කාල සීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260කි.

පසුගිය 20 වනදා සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 5185 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 1293කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]