සරසවි සිසුන්ගේ ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ

සරසවි සිසුන්ට 2020 වර්ෂය වෙනුවෙන් ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කෙරේ

by Staff writer 27-03-2020 | 9:29 PM

COLOMBO (News 1st) - 2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබා දී තිබු කාලය තවත් සති 02කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය අමරතුංග මහතා පවසයි.

ඒ අනුව ලියාපදිංචිය සඳහා මාර්තු 26 වැනිදා දක්වා දී තිබූ කාලය ලබන අප්‍රේල් 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිිපාදන කොමිෂන් සභාව පවසයි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.