by Staff writer 27-03-2020 | 12:14 PM
COLOMBO (News 1st) - රටේ වත්මන් තත්ත්වය හමුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය තරම් මුදල් පවතින බව මහා භාණ්ඩාගාරය පවසයි.
එහි ලේකම් ඒ.ආර්.ආටිගල මහතා සඳහන් කළේ, ආරක්ෂක කටයුතු, සෞඛ්‍ය සේවා ඇතුළු සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ඕනෑම මොහොතක කටයුතු කරන බවය.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ඔවුන්ගේ නිවෙස් වෙත බෙදා හැරීම සඳහා ගත හැකි සියලු පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනි දාට පෙර ගෙවීමට තීරණය කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඇති බවයි.
මීට අමතරව විශ්‍රාම වැටුප ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පැවසුවේ ය.